මගේ තාත්තා හැම තරගයක් අතරතුරම පිටිපස්සේ ඉදන් මට ලොකු ශක්තියක් වුණා – මදුශංක වසන්ත

මගේ තාත්තා හැම තරගයක් අතරතුරම පිටිපස්සේ ඉදන් මට ලොකු ශක්තියක් වුණා – මදුශංක වසන්ත

2021.11.27

රටකට දක්ෂතා තිබුනට පමණක් මදි ඒ දක්ෂතා නිවැරදිව හදුනාගැනීමත් ඉතාමත්ම වැදගත්, දක්ෂතා තිබෙන ක්‍රීඩිකාව හෝ ක්‍රීඩකයා හදුනාගැනීම හරහා ඉතාමත් කලින් ඔහුට අවශ්‍ය සම්පත් සපයා දීමෙන් රටට ජයග්‍රහණ සපයාගත හැකියැයි අප තුල විශ්වාසයක් තිබෙනවා ක්‍රිස්බ්‍රෝ නෙක්ස්ට් චෑම්ප් හැමවිටම අපේ අනාගත ක්‍රීඩා තරුවක් ඔබ වෙත ගෙන එන්නේ එම අරමුණ පෙරදැරිවයි. අපි අද හදුන්වාදෙන්නේ රටට ආයෝජනයක් විය හැකි තවත් එක ක්‍රීඩකයෙක්.
 

ඔබේ නම

මම මදුශංක වසන්ත බණ්ඩාර

ඔබගේ පාසල?

මගේ පාසැල කෑගල්ල මාවනැල්ල දිප්පිටිය රාජගිරි මහා විද්‍යාලය, මම 13 වන වසරේ කළා අංශයෙන් ඉගෙනුම ලබනවා

ඔබ මොන ක්‍රීඩා ඉසව්වෙන්ද දස්කම් දක්වන්නේ?

බර ඉසිලීමේ ඉසව්ව සහ හෙල්ල විසිකිරීමේ ඉසව්ව වලට සහභාගී වනවා

අද වෙනකොට ලබාගත්ත ජයග්‍රහණ ගැන සදහන් කලොත්

මම 2016 වසරේ බර එසලීමේ ක්‍රීඩා උළෙලට සහභාගී වුණා 2016 ඉදන්ම හෙල්ල විසි කිරීමේ පුහුණුවීම් කටයුතුවල නිරත වුණා 2016 සමස්තලංකා බර ඉසිලීමේ ක්‍රීඩාවලියේ දෙවන ස්ථානයත් 2016 ජාතික පාසල් සවි එසවීමේ තරගාවලියේ ප්‍රථම ස්ථානයත් 2016 කනිෂ්ට සවි එසවීමේ තරගාවලියේ තුන්වන ස්ථානයත් 2017 මැලේසියාවේ දකුණු ආසියානු යොවුන් බර ඉසිලීමේ ක්‍රීඩා උළෙලට මට සහභාගිවෙන්න ලැබුනා 2017 ජාතික බර ඉසිලීමේ ශුරතාවයේ දෙවන ස්ථානයත් 2017 ජාතික සවි එසවීමේ ශුරතාවයේ දෙවන ස්ථානයත් මට ලබාගන්න පුළුවන් වුණා. 2018 ජාතික සංගම් බර ඉසිලීමේ ශුරතාවලියේ ප්‍රථම ස්ථානයත් සවි එසවීමේ ශුරතාවලියේ දෙවන ස්ථානයත් මට ලබාගැනීමට හැකි වුණා.

ඔබේ ක්‍රීඩාවට ශක්තියක් උනේ කව්ද කියලා ඇහුවොත්

මගේ පළමු පුහුණුකරු තමයි S.A සුමන සුරවීර ඒ සර් තමයි මගේ පිටිපස්සෙන් ඉදගෙන මගේ ක්‍රීඩා ජිවිතයට ශක්තියක් උනේ, හරි වැරදි කියා දීලා මගේ හැමදේම හැදුවේ ඔහු, නිවාසාන්තර තරග වල ඉදන් ජාත්‍යන්තර තරග දක්වා මට ශක්තියක් උනේ සුමන සුරවීර ගුරුපියාණන් ඊට අමතරව මගේ තාත්තා හැම තරගයක් අතරතුරම පිටිපස්සේ ඉදන් මට ලොකු ශක්තියක් වුණා. ඒ වගේම ස්කොලේ විදුහල්පතිතුමා පාසලේ ආචාර්යමන්ඩලය මගේ යාලුවෝ සියලුම දෙනාව මම මේ අවස්ථාවේ ආදරෙන් මතක් කරනවා.

මොනාද අනාගත බලාපොරොත්තු

මගේ අනාගත බලාපොරොත්තුව ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් ලබාදීමයි

අවසන් වශයෙන් මොනාද කියන්න තියෙන්නේ?

මෙවර මාව නෙක්ස්ට් චෑම්ප් විදියට තෝරගත්තට ක්‍රිස්බ්‍රෝ ආයතනයට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා