උස පැනීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ඔලිම්පික් බලාපොරොත්තුවක් - තරිදු දසුන්

උස පැනීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ඔලිම්පික් බලාපොරොත්තුවක් - තරිදු දසුන්

2021.11.27

මේ උස පැනීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ඔලිම්පික් බලාපොරොත්තුවක් තබාගත හැකි තවත් එක දක්ෂ ක්‍රීඩකයෙන් ඔහු නමින් තරිදු දසුන්, අපි ඔහුත් සමග කල කෙටි පිලිසදරයි මේ...

ඔබගේ නම
S.A.තරිදු දසුන්

ඔබ දක්ෂතා දක්වන ක්‍රීඩා ඉසව්ව වන්නේ
උස පැනීමේ ඉසව්ව

ඔබගේ පාසැල
ගාල්ල මහින්ද විද්‍යාලය

ඔබගේ ක්‍රීඩා ජිවිතයට පාසලෙන් ලැබෙන සහය පිලිබදව සදහනක් කලොත්
ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න හැම පහසුකමක්ම මට පාසලෙන් (ගාල්ල මහින්ද විද්‍යාලය) ලැබෙනවා.

පදිංචිව සිටින්නේ?
ගාල්ල, ඉමදුව ප්‍රදේශයේ

ඔබගේ පවුල ගැන පොඩි විස්තරයක් කලොත්
මට ඉන්නේ අම්මා, තාත්තා,මල්ලි,

අද වෙනකොට ලබාගත්ත ජයග්‍රහණ ගැන සදහන් කලොත්
2018 ශ්‍රී ලංකාවෙ පැවති තුන්වන දකුනු ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා උලලේ උස පැනීම රන් පදක්කම.
2018 ජපනයේ පැවති 18 වන ආසීයානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උලලේ උස පැනීම 8 වන ස්තානය.
2018 මාතර දී පැවති ජාතික යෞවන ක්‍රීඩා උලලේ උස පැනීම ප්‍රථම ස්ථානය සහ නව තරග වාර්තාව (2.12m)

ක්‍රීඩා කරනකොට තියෙන ගැටළු මොනාද?
දැනටනම් එහෙම ගැටලුවක් නම් නෑ. අවශ්‍ය හැම පහසුකමක්ම ලැබෙනවා

ඔලිම්පික් යන්න හම්බුනොත් මොකද කරන්නේ
උපරිම දක්ශතාවය දක්වල පදක්කමක් ලබා ගැනීම තමයි

මොනවද අනාගත බලාපොරොත්තු
ක්‍රීඩාවෙන් යන්න පුලුවන් ඉහලටම ගිහින් අබිමානවත් ශ්‍රී ලාංකිකයෙක් වීම.

තරිදු දසුන් ඔබගේ අනාගත ක්‍රීඩා ජිවිතයට ක්‍රිස්බ්‍රෝ අපගේ උණුසුම් සුභපැතුම්