ලංකාව මීටර් 800 ඉසව්වේ නවතම ආසියානු ශ්‍රේණිගත කිරීම් වල පෙරමුණේ

ලංකාව මීටර් 800 ඉසව්වේ නවතම ආසියානු ශ්‍රේණිගත කිරීම් වල පෙරමුණේ

2021.01.06

98 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය මේ දිනවල සුගතදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙනවා.

මෙහිදී පෙන්නූ දක්ෂතා නිසා මීටර් 800 ඉසව්වේ නවතම ආසියානු ශ්‍රේණිගත කිරීම් වලට අනුව එහි මුල් ස්ථාන පහෙන් තුනක්ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හිමිව තිබෙනවා.

ඒ අනුව මේ වසරේදී (2020) මීටර 800 කාන්තා ඉසව්වේ ආසියාවේ දෙවන හොඳම කාලය වාර්තා කළ දිල්ෂි කුමාරසිංහ තේරීපත් වුණා.

ඇය වාර්තා කළ හොඳම කාලය මිනිත්තු 2.02.80ක්.

එමෙන්ම ආසියාවේ හොඳම කාලය වාර්තා කළ බහරේන් ක්‍රීඩිකා නෙළී ජෙප්කොස්ගේ, දිල්ෂිගේ කාලයට වඩා තත්පර 0.73ක ඉදිරියෙන් පසු වෙනවා.

එම ශේණිගත කිරීම්හි තෙවන ස්ථානය නිමාලි ලියනාරච්චිටත්, සිව්වන ස්ථානය ගයන්තිකා අබේරත්නට හිමිව තිබෙනවා.

මේ අතර මීටර 100 කාන්තා ඉසව්වේ ආසියානු ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානය දිනා ගන්නට අමාෂා ද සිල්වා සමත්ව වුණා.

ඒ, තත්පර 11.55ක කාලයක් වාර්තා කරමින්.

එය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ කාන්තාවක විසින් මීටර 100 ඉසව්වක් සඳහා දැක්වූ සිව්වන හොඳම දක්ෂතාවද වෙනවා.

මීටර 400 කාන්තා ආසියානු ශ්‍රේණිගත කිරීම්හි 8 වන ස්ථානය නදීෂා රාමනායක වෙත හිමිවුණා.

එම ඉසව්ව සඳහා නදීෂා විසින් තත්පර 53.47ක කාලයක් වාර්තා කළා.

මීටර 1500 ඉසව්වේ ආසියානු ශ්‍රේණිගත කිරීම්හි 10 වන ස්ථානය ගයන්තිකා අබේරත්න වාර්තා කළ අතර ඒ මිනිත්තු 4.17.58ක කාලයකදීයි.

කාන්තා දුර පැනීමේ ඉසව්වේ ආසියානු ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානය මීටර 6.33ක දක්ෂතාවක් වාර්තා කළ සාරංගි සිල්වා වෙත හිමි වී තිබෙනවා.

පිරිමි ඉසව් අතර මීටර 100 ඉසව්වේ 7 වන ස්ථානය තත්පර 10.16ක කාලයක් වාර්තා කළ යුපුන් අබේකෝන්ට හිමි වෙනවා.

මීටර 400 පිරිමි ඉසව්වේ ආසියානු ශ්‍රේණිගත කිරීම්හි 9 වන ස්ථානය තත්පර 46.25ක කාලයක් වාර්තා කළ කාලිංග කුමාරගේට හිමි වුණා.

මේ අතර පිරිමි මීටර 5000 ඉසව්වේ ආසියානු ශ්‍රේණිගත කිරීම්හි මුල් ස්ථාන 100 සහ කාන්තා මීටර 5000 ඉසව්වේ මුල් ස්ථාන 100ම ජපාන ක්‍රීඩකයින් සතු වීම විශේෂත්වයක්.