අතීත පරාජයන් කියන දේවල් අපිට වෙනස් කල හැකි දේවල් නොවේ හැබැයි මේ මොහොතේ උනන්දු උනොත් අපිට පුළුවන් ඒ අහිමි වෙච්ච ජයග්‍රහණ වෙනුවට අනාගතයේ හොද ජයග්රහණයන් ලබාගැනීමට සහ එම ජයග්‍රහණ වැඩි දියුණු කරගන්න. ඉතින් ඒ සේරටම කලින් ඔවුන් පිලිබදව තොරතුරු සමාජයට කියන්න ඕනේ ඒ හරහා ඔවුන් වෙත අවධානය යොමු කරවන්නට ඕනේ, මේ හදන්නේ ඔබේ අවධානය යොමු විය යුතු තවත් එක දක්ෂයෙක් පිලිබදව ඔබ වෙත තොරතුරු ගෙන ඒමටයි, ක්රිස්බ්රෝ නෙක්ස්ට් චෑම්ප් අපි ගියා ඒ දක්ෂය සොයාගෙන.
මගේ නම පියුමි හශාර දෙව්මිණි
ඔබේ පාසල සහ වසර
මගේ පාසල හම්බන්තොට වීරකැටිය රාජපක්ෂ මාධ්‍ය විද්‍යාලය, මම ඉගෙනගන්නේ 9 වසරේ
ඔබ දක්ෂතා දක්වන ක්‍රීඩා ඉසව්ව
මන් කැමතිම ක්‍රීඩා ඉසව්ව උස පැනීම
ලබාගත්ත ජයග්‍රහණ පිලිබදව සදහන් කලොත්
මම ජෝන් ටාබට් සමස්තලංකා උසපැනීමේ ප්‍රථමස්ථානය
2018 දකුනුපලාත් උසපැනීම නව වාර්තාවක් සමගින් ප්‍රථමස්ථානය සහ එම වසරේ දක්ෂතම ක්‍රීඩිකාව
දක්ෂතා දක්වන වෙනත් තරග ඉසව්
දුර පැනීමේ ඉසව් වලටත් සහභාගිවෙනවා හැබැයි වැඩියෙන්ම කැමති උස පැනීමට
ඔබේ ක්‍රීඩා පුහුණුකරු
පාසලේ රණවීර මිස් තමයි මගේ පුහුණුකරු විදියට ඉන්නේ 2016 හය වසරෙදි පාසල් ක්‍රීඩා උත්සවයෙදි තමයි මට මිස්ව මුලින්ම හම්බ උනේ ස්කුල් මීට් එකේදී උසපැනීමට ආස හිතිලා තමයි මම මිස් ගාවට ගියේ. 2016 ඉදන් මම මිස් එක්ක දිගටම පුහුණුවීම් කරනවා.
අනාගත බලාපොරොත්තුව
අනාගතයේ කොහොමහරි ඔලිම්පික් පදක්කමක් ලංකාවට ගේන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.