පුංචි තරුෂිගේ ඔලිම්පික් හීනෙට Spike Running Shoes දෙකක්

පුංචි තරුෂිගේ ඔලිම්පික් හීනෙට Spike Running Shoes දෙකක්

10,210 LKR raised / 10,210 LKR

100%

Tharushi Karunarathna

රට වෙනුවෙන්ම කැප වුණ අතලොස්සක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරේ අමතක කරන්නම බැරි චරිතයක් තමයි මේ පුංචි තරුෂි, අපි එහෙම කියන්නේ ඇයි? වලල ඒ රත්නායක විද්‍යාලයේ ඉගෙනුම ලබන තරුෂි, ප්‍රවීන මලල ක්‍රීඩා පුහුණුකරුවකු වන සුසන්ත ප්‍රනාන්දු මහතා යටතේ ගුරුහරුකම් ලබන ක්‍රීඩිකාවකි. මහනුවර කහටලියැද්ද ප්‍රදේශයේ සිට වලල ක්‍රීඩා පිටිය වෙත පුහුණුවීම් කටයුතු සඳහා නිතරම ගමන් කිරීමට සිදුවීම නිසා ඇය තම දෙමාපියන් සමඟ සිය උපන් නිවස අතහැර ක්‍රීඩාංගනය අවටින් නිවසක් කුලී පදනම මත ලබාගෙන තිබුනා, ඇය තවමත් ජීවත්වන්නේ එම කුලී නිවසේ. ත්‍රීරෝද රථ රියදුරෙකු වූ ඇයගේ පියාත් පාසලක කාර්යාල කාර්ය සහායිකාවක වන ඇයගේ මවත් මේ වන විට ඉතාමත් දුෂ්කර ජිවිතයක් ගත කරන බවයි අපට දැනගන්නට ලැබුණේ. දැඩි කැපවීම නිසාම එළබෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලට තේරී පත්වීමට ඇයට හැකි වුණේ මේ සියලු දුෂ්කරතා මධ්‍යයේය. Crysbro ආයතනය හා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව එක්ව දියත් කරන Next Olympic Hope වැඩසටහනට පුංචි තරුෂිව තෝරාගනු ලැබුවේ මේ දුෂ්කරතා යම්තාක් දුරකට මග හරවා දීමේ අරමුණින්, ඒ අනූව ඔවුන්ට මාසිකව යම්කිසි මුදල් ආධාරයක් ලැබුණත් එය සියලු වියහියදම් දරාගැනීමට කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. එළඹෙන ක්‍රීඩා තරඟ සඳහා පැළදීමට පුංචි තරුෂිට මේ වන විට Running Shoes දෙකක් අවශ්‍ය වෙලා තිබෙනවා, ඉතිං අපේ මේ ප්‍රයත්නය අපි හැමෝගෙම දායකත්වයෙන් ඇයට ඒ සඳහා උපකාර කිරීමටයි. පුංචි තරුෂිට හයියක් වෙන්න හැකියාවක් තියෙන ඕනම කෙනෙක්ට පුළුවන් https://www.nextolympichope.com/athlete/tharushi-karunarathna වෙබ් පිටුවට ගිහින් ඇයට ඔබට හැකි මුදලකින් උපකාර කිරීමට.

ඔබ ඔබගේ මුදල් ආධාරය ලබාදිය යුත්තේ කෙසේද?

මෙය නරඹන්න  

 

ඉතින් අපි හැමෝම එකතුවෙලා තරුෂිට හයියක් වෙමු, නුදුරු අනාගතයේදීම ඔලිම්පික් පදක්කමකින් ලක්මවගේ ගෙල සැරසීම තමයි තරුෂිගේ එකම හීනෙ. අන්න ඒ දවස උදාවෙද්දී ඒ ගේන පදක්කමට අපිත් සාඩම්බර කොටස්කරුවෙක් වුණා කියන හැඟීම අපි හැමෝගෙම හිත්වල තියෙයි.

තරුෂි විතරක් නෙමෙයි මේ වගේම උදව් අවශ්‍ය දක්ෂ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ගොඩක් අපේ රටේ ඉන්නවා. Next Olympic Hope වැඩසටහනේ අරමුණ, ඒ හැමෝටම අපිට පුළුවන් උපරිම විදියට උදව් කරන එක. එහෙම උදව් අවශ්‍ය මලල ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට පුළුවන් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. තමන්ගේ තාරුණ්‍යය ක්‍රීඩාවට කැප කරලා රට වෙනුවෙන් වෙහෙසෙන ඔයාලව තනිකරන්න අපි සූදානම් නැහැ. 

තරුෂිට ගන්න යන Running Shoes වල විස්තර මෙතන තියෙනවා.

  • Spikes - 24cm / UK 4.5 / US 7 / "New Balance Women's Short Distanc / Spike Running Shoe"

තරුෂි ගැන තව විස්තර දැනගන්න ඕන කෙනෙක්ට, මේ අංකයට සම්බන්ධ වෙලා  ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවෙන් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්.

Tel : + 94 11 268 4420